අද දිනයේ මේ දක්වා කාලය තුළ නව කොරෝනා ආසාදිතයින් 403 දෙනෙකු හඳුනා ගැනුණා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන්ගෙන් 401 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
සෙසු දෙදෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගත් ආසාදිතයින්.
ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 41,031 දක්වා ඉහළ ගියා.
මේ අතර අද දහවල් කොරෝනා ආසාදිතව සිටි තවත් 535 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුව වූ මුළු ගණන දැක්වෙන්නේ 37,252ක් ලෙසයි.

