ඊයේ දින උදෑසන 8.10 ට පමණ අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර ගල්කුලම මාර්ගයේ කවරක්කුලම ප්‍රදේශයේදී ගල්කුලම දෙස සිට ධාවනය වූ යතුරු පැදියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරු පැදිය රියදුරුට පාලනය කරගත නොහැකිව විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අවස්ථාවේ ගල්කුලම සිට අනුරාධපුර දෙසට ධාවනය වු තවත් යතුරුපැදියක් අනතුරට ලක්වූ එක් යතුරුපැදිකරුවකු හප්පා පලාගොස් ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනාම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් යතුරුපැදිකරුවකු ම්යගොස් ඇත.
මිය ගිය තැනැත්තාගේ වසය අවුරුදු 21 ක් වන අතර ගල්කුලම ප්‍රදේශයේ පදිංච්කරුවෙකි. මේ වන විට පලා ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිලිබදව අනුරාධපුර පොලිසිය වැඩ්දුර විමර්ශන පවත්වනවා.