අරණායක, රහල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොලුවලින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයින් පහර දීම සදහා පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද සිය භාරයට ගත් බවයි.
ඉකුත් පළමුවැනිදා රාත්‍රියේ ත්‍රිරාේද රථයකින් නිවස බලා යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අරණායක සපත්තු පාලම ආසන්නයේදී පහර දීමට පැමිණි පිරිස තර්ජනයකර ඇති බවත් පසුව ත්‍රිරෝද රථය ලුහු බැද ගොස් එහි සිටි තිදෙනාට පහර දී ඇති බවත් පොලිසිය පවසනවා.
එම අවස්ථාවේදී අවට සිටි තවත් පිරිසක් ද පහර දීමට එක්ව ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාට අමානුෂික ලෙස පොලුවලින් පහර දී තිබුණා.
ඉන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
පහර දීම සිදු කළ පුද්ගලයින් පහර කෑමට ලක් වූ පුද්ගලයා මිය යෑමෙන් පසු මා ඔයට දමා ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග පැමිණි සෙසු දෙදෙනාගෙන් අයෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර සෙසු පුද්ගලයා එම ස්ථානයෙන් පළා ගොස් බේරී තිබුණා.
දෙපාර්ශවය අතර කලක සිට පැවැති ආරවුලක් මෙම සිද්ධියට මුල් වී ඇති බවයි හෙළි වුණේ.
පහර දීම සිදු කළ කණ්ඩායම මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වන බව පොලිසිය පැවසුවා.
පහර කෑමෙන් මිය ගියේ අරණායක, අරම ප්‍රදේශයේ පදිංචිව සිටි අසංක කරුණාරත්න නමැති 30 හැවිැරිදි පුද්ගලයෙක්.