News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

අද සහ හෙට සංචාරක ස්ථාන කිහිපයක් වැසීමට ගත් තීරණයේ වෙනසක්

632 Views


අද සහ හෙට සංචාරක ස්ථාන කිහිපයක් වැසීමට ගත් තීරණයේ වෙනසක්

අද සහ හෙට පොළොන්නරුවේ සහ සීගිරියේ සංචාරක ස්ථාන කිහිපයක් දේශීය සංචාරකයින් සදහා වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ නිවේදනය කළා.

ඒ, දිවයිනට පැමිණ සිටින යුක්‍රේන ජාතිකයින් එම ස්ථානවල සංචාරය කිරීමට නියමිතව තිබීම හේතුවෙන්.

එහෙත් ඔවුන්ගේ එම සංචාර අවලංගු කිරීම හේතුවෙන් අදාළ ස්ථාන දේශීය සංචාරකයින් සදහා විවෘතව පවතින බව අද නිවේදනය කෙරුණා.

පොළොන්නරුවේ පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාලය (අංක 2), ආලාහ පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිළිම ගෙය හා නෙ‌‌ළුම් පොකුණ යන ස්ථාන අද දහවල් 1 සිට සහ අනිද්දා දහවල් 12 සිට සීගිරිය සංචාරක කලාපය ද වසා තැබීමටයි ඊයේ තීරණය කෙරුණේ.

මේ අතර යුක්‍රේන සංචාරකයින් දඹුල්ල හා මහනුවර යන සංචාරක කලාපවල ද ඉදිරි දින කිහිපය තුළ සංචාරය කිරීමට නියමිත බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post