අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි මෝදර පොලිස් වසමේ මාර්ග කිහිපයක් හුදෙකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
ඒ අනුව එම පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය සහ ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ සහ පහළ යන මාර්ග හුදෙකලා තත්ත්වයට පත් වනු ඇති.

මේ අතර හුදෙකලාකර තිබූ අවිස්සාවේල්ල පොලිස් වසම ඊයේ රාත්‍රී සිට එම තත්ත්වයෙන් ඉවත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.