News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

හන්තානේ අභිරහස් මරණය සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට – කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර

5745 Views


හන්තානේ අභිරහස් මරණය සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට – කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර

මහනුවර, හන්තාන ප්‍රදේශයේ ලැගුම්හලක අභිරහස් ලෙස පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මිය ගිය පුද්ගලයා ඇතුළු සිව් දෙනෙකු අදාළ ලැගුම්හල වෙත පැමිණ තිබුණේ ඉකුත් 31 වැනිදායි.

පසුව පසුගිය 2 වැනිදා තිදෙනෙකු ඉන් පිටත්ව ගොස් තිබුණා.

අනතුරුව එම කාමරය පිරිසිදු කිරීමට ගිය කම්කරුවා එහි නාන කාමරයේ තිබූ මළ සිරුර දැක ලැගුම්හලේ කළමනාකාරීත්වය දැනුවත්කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමට එහි කළමනාකාරවරයා කටයුතුකර ඇත්තේ ඉන් පසුවයි.

අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ සිරුර අසල ලේ පැල්ලම් කිහිපයක් ඇති බවත් නාන කාමරයේ ජනේලයක රෙදි පටියක් ගැට ගසා තිබූ බවයි.

එය ඝාතනයක් ද යන්න සෙවීම සදහා මේ වනවිට පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 21ත් 30ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බව පොලිසිය ප්‍රකාශ කළා.

එලෙස මරණයට පත්ව ඇත්තේ හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයක්.


News Articles
Latest Videos
Most Popular Post