News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

කොළඹ මහජන පුස්තකාලයේ පාඨක සේවා යළි ඇරඹෙයි

456 Views


කොළඹ මහජන පුස්තකාලයේ පාඨක සේවා යළි ඇරඹෙයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කොළඹ මහනගර සභාවට අයත් මහජන පුස්තකාලයේ ළමා සහ වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය නැවත විවෘත කළ බව නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණි දිසානායක මහත්මිය දැනුම් දෙනවා.

ඊයේ සිට එම කටයුතු යළි ආරම්භ කෙරුණු අතර සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා පාඨකයින් සදහා එය විවෘතව පවතිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුව හරහා නිවේදනයක් නිකුත් කරමින් නාගරික කොමසාරිස්වරිය පැවසුවේ ස්ව අධ්‍යයන කටයුතුවල නිරත විශ්වවිද්‍යාල සිසුන් සදහා අධ්‍යයන ශාලා පහසුකම් හා විමර්ශන පුස්තකාලය ද විවෘතව පවතින බවයි.

එමෙන්ම මහජන පුස්තකාලයේ විද්‍යුත් සුචිය (Open Public Access Catalogue) වෙත pl.colombo.mc.gov.lk යන විද්‍යුත් ලිපිනය මගින් ප්‍රවේශ විය හැකි බව ද අදාළ නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post