හපුතලේ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස උපුල් දිසානායක මහතා අද දිවුරුම් දුන්නා.
ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි.
හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අදාළ තනතුරට උපුල් දිසානායක මහතා පත් කෙරුණු අතර මින් පෙර ද ඒ මහතා හපුතලේ නගරාධිපතිවරයා ලෙස කටයුතුකර තිබෙනවා.