කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 38,000 පසු කළ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 38,262ක් ලෙසයි.
කොරෝනා වෙෙරසය ආසාදනය වූ මුළු රෝගීන් ගණන 41,476ක්.
ඊයේ රාත්‍රී තවත් මරණ දෙකක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 215ක් දක්වා ඉහළ ගියා.