News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර 100ක් ඇතුළත හුණුගල් කැනීම තහනම් වෙයි

733 Views


වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර 100ක් ඇතුළත හුණුගල් කැනීම තහනම් වෙයි

මහනුවර, වික්ටෝරියා ජලාශය අවටින් වාර්තා වූ භූ චලන සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව අද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දුන්නා.

මේ වනවිට සිදුව ඇති සියලු භූ චලන රික්ටර් මාපකයේ දෙකකට අඩු අගයකින් වාර්තා වී ඇති බවත් ඒවා ජලාශයට ජලය පිරී යන අවස්ථාවලදී සිදු වන ස්වභාවික කම්පන බවත් අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

එම කමිටු වාර්තාවෙන් නිර්දේශකර ඇත්තේ වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර 100ක් ඇතුළත හුණුගල් කැනීම් තහනම් කිරීමටයි.

ඒ අනුව ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විෂයය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post