කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව මාලදිවයිනේ සිට පුද්ගලයින් 42 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 74 දෙනෙකු, ඩුබායි සිට පුද්ගලයින් 82 දෙනෙකු ද මෙරටට පැමිණි පිරිස අතරට අයත්.