දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා.
එම සාකච්ඡාව පැවැත්වුණේ, ජනාධිපති කාර්යාලයේදීයි.
එමෙන්ම ඒ මහතා අද උදෑසන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමු වී තිබෙනවා.
ජයශංකර් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට ද නියමිතයි.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.
මෙය 2021 වසරේදී ඉහළ පෙළේ විදෙස් දූත පිරිසක් මෙරටට සංචාරය කරන පළමු අවස්ථාව මෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මේ වසරේ පළමු නිල විදෙස් සංචාරය ද වනවා.