News Line| Off Air
Generic placeholder image

Jan
6

ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් ආසාදිත රැඳවියෙක් අල්ලයි

622 Views


ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් ආසාදිත රැඳවියෙක් අල්ලයි

ඉකුත් 31 වැනිදා පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් තවත් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදීයි.

එලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා 52 හැවිරිදි වියේ පසු වූ රැදවියෙක් වන අතර ඔහුට රැඳී සිටීමට උපකාර කළ පුද්ගලයාව ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එලෙස පළා ගිය පස් දෙනා අතුරින් තවත් පුද්ගලයෙකු පසුගියදා මාදම්පේ ප්‍රදේශයෙන් සොයා ගැනුණා.

අනෙක් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post