අරණායක ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු විසින් වෙනත් ප‍්‍රදේශය පදිංචි 15 හැවිරිදි දැරියක් විවාහ කර ගන්නා බව පවසා සිය නිවසට රැගෙන විත් අඹු සැමියන් ලෙස ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර මාස කිහිපයකින් එම දැරිය ගැබිනියක් බවට පත්ව තිබෙනවා.
එහිදී අදාල තරුණයාගේ මව්පියන් විසින් දැරිය සිය පුත්‍රයා සමග විවාහ කර දීමට යෑමේදී ඇයට වයස අවුරුදු 15ක් වන හෙයින් බාල වයස්කාර දැරියක් බවට විවාහ රෙජිස්ට‍්‍රාර්වරයා ට අනාවරණය වීමෙන් අනතුරුව කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් අදාල තරුණයා ව අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.