7 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අතවර කළ 60 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 14 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට ගෙන කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත්කර තිබෙනවා.
එහිදී 60 හැවිරිදි පුද්ගලයාව ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, 14 හැවිරිදි මුණුපුරා රුපියල් ලක්‍ෂ 2ක ශරිර ඇප මත මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
අදාළ දැරිය පසුගිය දිනක සිය මිතුරු මිතුරියන් සමග සෙල්ලම් කරමින් සිට තිබුණා.
එහිදී එම ස්ථානයට පැමිණි 60 හැවිරිදි පුද්ගලයා අදාළ දැරියව තම නිවස වෙත රැගෙන ගොස් සිය මුණුපුරා සමග ඇයට අතවරකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
පසුව දැරිය තම රහස් ප‍්‍රදේශයේ වේදනාවක් ඇති බව සිය මවට පවසා ඇති අතර මව කළ ප‍්‍රශ්න කිරීම්වලදී අදාළ පුද්ගලයා සහ ඔහුගේ මුණුපුරා දැරියට ලිංගික අතවර සිදු කළ බවට අනාවරණ වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මව කළ පැමිණිල්ලකට අනුවයි දකුණු කළුතර පොලිසියේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණේ.
දැරිය විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා නාගොඩ මහරෝහලට ඇතුළත්කර තිබෙනවා.