News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 100ට වැඩි තද වැසි

430 Views


දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 100ට වැඩි තද වැසි

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර වෙරළතීරයේ උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ


News Articles
Latest Videos
Most Popular Post