News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

කොරෝනා වෛරසයේ අභිරහස සොයන්න ගිය පර්යේෂක කණ්ඩායමට චීනයට ඇතුළුවීමට අවසර නොලැබෙයි

636 Views


කොරෝනා වෛරසයේ අභිරහස සොයන්න ගිය පර්යේෂක කණ්ඩායමට චීනයට ඇතුළුවීමට අවසර නොලැබෙයි

ලෝක වසංගතයක් වූ කොරෝනා වෛරසය ආරම්භය සෙවීමට චීනයේ හුබෙයි පළාත් වූහාන් නුවරට යාමට සැරසුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂක කණ්ඩායමට චීන රජයෙන් අවසර ලබා දී නැති බවට එම සංවිධානයෙ ප්‍රධානි චෝදනා කරනවා.

10 දෙනකින් යුත් මෙම කණ්ඩායම දෙදෙනකු පලමුවෙන් ම චීනය බලා පිටත් ව ගොස් තිබෙන අතර කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ට චිනයට ඇතුල්වූ වීමට තවමත් එරට රජයෙන් අවසර ලබා දී නොමැති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

ලෝක ප්‍රජාවට තවමත් අභිරහසක් වූ මෙම වෛරසයේ ආරම්භය පිලිබදව සොයා බැලීම තම සංවිධනයේ වගකීමක් බව පවසමින් එම සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගෙබ්‍රියේසිස් මහතා සදහන් කරන අතර චීනයද මේ පිලිබදව නිශ්චිත හේතු සාධක දක්වා නොමැති බවයි ඔවුන් තව දුරටත් චෝදනා කරන්නේ.

ලොව පුරා ප්‍රධාන රටවල් කිහිපයකම බුද්ධි අංශ කිහිපයක්ම චීනයට චෝදනා කරන්නේ නව කොරෝනා වයිරසය, චීනයේ වුහන් වල පිහිටි එරට වෛරස් පර්යේෂණාගාරයෙන් කාන්දු වූවක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post