පොළොන්නරුව – පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේශයේ දී අද උදෑසන බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළී යාමෙන් පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ ඇළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට පොළොන්නරුව මහරෝහල සහ පුලස්තිපුර යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
රියදුරුට රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.