News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

ට්‍රම්ප්ට ට්විටර් භාවිතය ස්ථිරවම තහනම් වෙයි

456 Views


ට්‍රම්ප්ට ට්විටර් භාවිතය ස්ථිරවම තහනම් වෙයි

ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරවම අතිහිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබෙනවා.

එම සමාගම පැවසුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත කාලයේ ඔහුග‍ේ ට්විටර් ගිණුමේ පළ කළ පණිවුඩ සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි.

ට්‍රම්ප්ගේ ආරධාරකරුවන් වොෂිංටන් නුවර කැපිටල්හිල් ගොඩනැගිල්ලට කඩා වැදී ඊට හානි කිරීමේ සිද්ධියත් සමග මින් පෙර පැය 12ක කාලයක් සඳහා ඔහුගේ ට්විටර් ගිණුම අත්හිටුවනු ලැබුවා.

එහිදී ට්විටර් සමාගම පවසා තිබුණේ, යළිත් වරක් ප්‍රචණ්ඩත්වය ඇවිළුවහොත් ස්ථිරවම ගිණුම අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

ට්විටර් තහනම ඉවත් වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කැපිටල්හිල් ප්‍රහාරය හෙළා දැක තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහ‍ෙත් එහිදී ඔහු සිය ආධාරකරුවන් දේශප්‍රේමීන් ලෙස හැඳින්වීම අදාළ තහනමට හේතු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post