ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායනය කඩ කල පුද්ගලයින් 26 දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින මේ දක්වා නිරෝධායනය නීති කඩ කිරීම් හේතුවෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2361 ක්.
මොවුන් සියලු දෙනා මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම නිසා අත් අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.