ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වී අතුරුදන් වූ බෝයිං 737 වර්ගයේ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් ජකාර්තා නුවරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද පස්වරුවේ අදාළ යානය ගුවන්ගත වී තිබුණේ, ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත් බලා පියාසර කිරීම සඳහායි.
ඒ වනවිට එහි ගුවන් මගීන් 56 දෙනෙකු පමණ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.



