අද දිනය තුළ කොරෝනා වෛසරය ආසාදනය වූවන් 535 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන්නේ 18 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන් වන අතර සෙසු ආසාදිතයින් 517 දෙනා වාර්තා වුණේ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි.
බන්ධනාගාර ආසාදිතයින් 18 දෙනා ද ඇතුළුව ආසාදිතයින් 297 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා.
තවත් ආසාදිතයින් 238 දෙනෙකු වාර්තා වුණේ මීට සුළු මොහොතකට ඉහතදී්‍යි.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 44,082 දක්වා ඉහළ ගියා.
මේ අතර අද පස්වරුවේ කොරෝනා ආසාදනය වී සිටි රෝගීන් 521 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ගණන දැක්වෙන්නේ 40,838ක් ලෙසයි.