News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

කොරෝනා ආසාදිත හකීම්ගේ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු හඳුනා ගනියි

610 Views


කොරෝනා ආසාදිත හකීම්ගේ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු හඳුනා ගනියි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මන්ත්‍රීවරයා අද උදෑසන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.

අදාළ පණිවිඩයේ මන්ත්‍රීවරයා දක්වා තිබුණේ තමන් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වී ඇති බවයි.

මේ අතර මන්ත්‍රීවරයාව සමීපව ඇසුරු කළ තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ CCTV දර්ශන උපයෝගීකර ගනිමින්.

ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල යන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම්.ඒ. සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම් යන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස රවුෆ් හකීම් මන්ත්‍රීවරයාව සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් වනවා.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා අදාළ මන්ත්‍රීවරුන් සිව් දෙනා සමග සමීපව කතාබහක නිරත වෙමින් සිටින ආකාරය CCTV දර්ශන ඔස්සේ හඳුනා ගත් බවයි.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් සිව් දෙනාට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී ඔවුන්ව පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව ද පාර්ලිමේන්තු ප්‍රධාන වේත්‍රධාරීවරයා පැවසුවා.

මේ අතර මේ වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා පළමුවරට ආසාදිතයෙකු ලෙස හඳුනා ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි.

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post