ගම්පහ දිස්ත්‍රික්කයේ මේ දක්වා හුදෙකලාකර තිබූ ප්‍රදේශ තුනක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව ගම්පහ – වත්තල පොලිස් වසමේ, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් දූවවත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ, හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමට අයත් වෙඩිකන්ද සහ මීගමුව පොලිස් වසමේ තල්දූව ග්‍රාම නිලධාරී වසමට අයත් MC නිවාස යෝජනා ක්‍රමය එලෙස හුදෙකලා බවින් ඉවත් වන බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.
මේ අතර මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින සෙසු ප්‍රදේශ තවදුරටත් එම තත්ත්වයේ පවතින බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.