News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් ආසාදිත රැඳවියෙකු අත්අඩංගුවට

580 Views


ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් ආසාදිත රැඳවියෙකු අත්අඩංගුවට

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් තවත් රැඳවියෙකු සොයා ගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනුණා.

ඒ, නාරම්මල, බෝගහපිටිය ප්‍රදේශයේ රැඳී සිටියදීයි.

මේ අතර පැන ගිය ආසාදිත රැඳවියන් අතර සිටි 52 හැවිරිදි නිමල් වසන්ත හෙවත් ‘ගැටයා’ නමැති රැඳවියා ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදී පසුගිය 6 වැනිදා අත්අඩංගුවට පත් වුණා.

ඔහු ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු අතර ඉන් අනතුරුව ඔහුට විරුද්ධව නිරෝධායන නීතින් සහ බන්ධනාගාර ආඥා පනත යටතේ කටයුතු කරනු ඇති.

ඔහු සමග තවත් අයෙකු අත්අඩංගුවට ගැනුණේ, එම පුද්ගලයා අදාළ රැඳවියාට සැඟවී සිටීමට ආධාර අනුබල දීම හේතුවෙන්.

ඔහුව ද ප්‍රථමයෙන් නිරෝධායනයට යොමුකර පසුව නිරෝධායන නීතින් යටතේ කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර පැන ගිය රැඳවියන් අතර සිටි 27 හැවිරිදි කොරෝනා ආසාදිත රැඳවියා මාදම්පේ ප්‍රදේශයේදී ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා අත්අඩංගුවට ගත්තා.

ඒ අනුව පළා ගිය රැඳවියන් අතුරින් තිදෙනෙකු මේ වනවිට සොයා ගෙන ඇති අතර සෙසු දෙදෙනා සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post