News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
11

මවට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කළ පුත්‍රයා අත්අඩංගුවට

12470 Views


මවට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කළ පුත්‍රයා අත්අඩංගුවට

තම මවට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කළ පුද්ගලයෙකු පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

තමන් වැන්දඹු තිදරු මවක් බවත්, සැකකාර පුත‍්‍රයා පවුලේ දෙවැන්නා බවත්, තමන්ට බිරිඳක් ගෙනැවිත් දෙන ලෙස ඔහු නිතර බල කරන බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ලිංගික අතවර කළ දිනයේ තම හිස යකඩ කණුවක හප්පා පහර දුන් බවත් ඇය පවසා තිබුණා.

ව්‍යාපාරයක් කරමින් සිය පුත‍්‍රයා ද නඩත්තු කරන්නේ තමන් බවයි ඇය ප්‍රකාශයක් දෙමින් පවසා ඇත්තේ.

එමෙන්ම ඔහු තමන්ට නිරන්තරයෙන් නොගැළපෙන ක‍්‍රියාවන් සිදු කරන බවත් පැමිණිලිකාර මව පවසා තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්තුන් හැවිරිදි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post