News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තාවකාලිකව වසයි

1211 Views


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තාවකාලිකව වසයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ, එම පීඨයේ ගොවිපළ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමාවාසික සිසුවෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමගයි.

අදාළ සිසුවා සිය අධ්‍යයන කටයුතු සඳහා සය දෙනකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස ජංගම සායනික කටයුතුවල යෙදී සිටි අයෙකු බවයි විශ්වවිද්‍යාල පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ.

එම තත්වය හමුවේ නේවාසික රෝගී සත්ත්වයින්ගේ සායනික කටයුතු තවදුරටත් පවත්වාගෙන ගිය ද ගොවිපළ සතුන් සායනික කටයුතු සඳහා ඇතුළත්කර ගැනීම තාවකාලිකව නවතා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post