ඉදිරි සතිය තුළ තමන් ද කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසනවා.
උන්වහන්සේ වතිකානයේ පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන් ගැන මෙන්ම අන් අය පිළිබඳව ද සිතා එම එන්නත ලබා ගන්නා ලෙසයි.
එය නොසළකා හරින්නේ නම් තමන් පමණක් නොව එමඟින් අන් අයව ද අවදානමක හෙළන බවයි උන්වහන්සේ අවධාරණයකර සිටියේ.
ශද්ධෝත්තම පියතුමන් කුඩා කළ සිය පෙණහැල්ලෙන් කොටසක් ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකට මුහුණ දී සිටීම හේතුවෙන් උන්වහන්සේ කොරෝනා වෙෙරසයට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි පැවසෙන්නේ.
මේ අතර කොරෝනා වෙෙරසය වැළඳීමත් සමග හටගත් සංකූලතා හේතුවෙන් ශුද්ධෝත්තම පියතුමන්ගේ වෙෙද්‍යවරයා වූ 78 වියැති ෆ්‍රැබ්‍රිසියෝ සෝකොර්සි මරණයට පත්ව තිබෙනවා.
පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් පසුගියදා ඔහුව රෝහල්ගතකර තිබුණා.
ෆ්‍රැබ්‍රිසියෝ සෝකොර්සි 2015 වසරේ සිට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්ගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළා.