ගවයන් පුරා පැතිර යන නව වෛරස් රෝගී තත්වයක් පිලිබදව මේ දිනවල වාර්තා වෙනවා.
ප්‍රධාන වශයෙන්ම මෙම රෝගයේ ලක්ෂණ ලෙස සතුන්ගේ ශරීරය පුරා ගැටිති ඇතිවීම. උණ ගතිය , නාසයෙන් හා කන් වලින් ශ්‍රාවය පිටවීම, ආහාර අරුචිය මෙහි දක්නට ලැබෙන අතර මේ පිලිබදව සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් විෂයභාර අමාත්‍යවරයා ගේ මුලිකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර මෙම වෛරසය පාලනය කිරීම සදහා කටයුතු කල යුතු ආකාරය පිලිබදව නිරේදේශ ඇතුලත් වාර්තාවක් සතියක් ඇතුලත අමාත්‍යවරයාට ලබා දෙන ලෙසද උපදෙස් ලැබී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.