කොරෝනා වසංගතය හමුවේ එය යම් දුරකට පාලනය කිරීම සදහා චීනය විසින් තම අසල්වාසි රටක් වන මියන්මාරය වෙත කොරෝනා එන්නත ලබා දීමට
කටයුතු කරන බව චීන විදේශ ආමාතය වැන්ග් යී මහතා සදහන් කරනවා.
අග්නිදිග ආසියානු සංචාරය ආරම්භ කරමින් චීන විදේශ අමාත්‍යවරයා මියන්මාරය වෙත පැමිණි අතර එහිදී මියන්මාර ජනපති හා කතිකා කිරීමෙන් අනතුරුව මෙලෙස කොරෝනා එන්නත් ලබා දෙන බව සදහන් කර තිබෙනවා.
කොරෝනා වසංගතය පරාජය කිරීම සදහා චීනය විසින් මියන්මාරයට සහය ලබා දෙන බවයි වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ.