සිය නැන්දණියට අමානුෂික ලෙස පහර දුන් ගම්පොළ, වල්ලහගොඩ ප්‍රදේශයේ කාන්තාවත් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාන්තාව සිය නැන්දණියට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතිනවා.
සිය නැන්දණියට පිහියකින් පහර දෙන එම කාන්තාව ඇයව තල්ලුකර දමන ආකාරයත් පසුව පහර කෑමට ලක් වූ කාන්තාව බිම ඇද වැටෙන ආකාරයත් අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
පොලිසිය පැවසුවේ ලද පැමිණිල්ලකට අනුව පහර දීම සිදු කළ කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.
ඇය වෘත්තියෙන් ගුරුවරියක් බව ද පොලිසිය ප්‍රකාශ කළා.
මින් පෙර ද අවස්ථා කිහිපයකදී එම කාන්තාව තමාට පහර දුන් බවට අදාළ නැන්දණිය පොලිසියට පැමිණිලිකර තිබුණා.
එම අවස්ථාවන්වලදී අවවාදකර ඇයව මුදා හරීමටයි පොලිසිය කටයුතුකර තිබුණේ.