ගත වූ සතියක කාලය තුල බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳව සිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2334 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඊයේ දිනයේත් පුද්ගලයින් 121 දෙනකු pcr පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා. එම ප්‍රතිපල වාර්තා ලැබීමට නියමිත අතර මේ දක්වා සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ තුලින් පුද්ගලයින් 46 දෙනකු කොරෝනා ආසාදිතන් බව හදුනා ගෙන තිබෙනවා.