News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

අට දරු අනියම් සැමියාට කැත්තෙන් පහර දී ඝාතනය කළ කාන්තාව අත්අඩංගුවට

15263 Views


අට දරු අනියම් සැමියාට කැත්තෙන්  පහර දී ඝාතනය කළ කාන්තාව අත්අඩංගුවට

මහියංගණය, කෙසෙල්පොත ප්‍රදේශයේදී අනියම් සැමියාට කැත්තකින් පහර දී ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ බිරිද වසර කිහිපයකට ඉහතදී මිය ගොස් ඇති අතර එම පුද්ගලයා සමග අදාළ කාන්තාව කලක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

එහිදී ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් පසුගියදා ඇති වූ ගැටුමකදී එම කාන්තාව අදාළ පුද්ගලයාට කැත්තකින් පහර දී තිබුණා.

පොලිසිය පැවසුවේ පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි.

එලෙස මිය ගියේ 61 හැවිරිදි, දරුවන් 8 දෙනෙකුගේ පියෙක්.

39 හැවිරිදි දෙදරු මවක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post