News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

පුද්ගලික අංශයේ වැටුප් සහන කාලය තව දුරටත් දීර්ඝ කෙරේ

1223 Views


පුද්ගලික අංශයේ වැටුප් සහන කාලය තව දුරටත් දීර්ඝ කෙරේ

පවත්නා කොරෝනා තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන වාතාවරණය හමුවේ කම්කරු අමාත්‍යවරයා කළ යෝජනාවකට අනුව පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාල සීමාව ලබන මාර්තු මස අවසානය දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 2020 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ එම සහන කාලය ලබන මාර්තු මාසය අවසානය දක්වා දීර්ඝ කරනු ලැබුවා.
සේවා යෝජකයින්, සේවක වෘත්තිය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ස්ථාපිත කාර්ය සාධක බලකා රැස්වීමේදී පෞද්ගලික අංශයේ වෘත්තිකයින්ට සහන සැලසීමට අදාළ පහත තීරණවලට එළැඹිණ.

ඒ අනුව සේවකයින්ගේ රැකියා අහිමි නොකර පවත්වා ගැනීම / සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකිවන පරිදි සමානුපාතිකව අවස්ථාව ලබා දීම / සේවකයින් නිවෙස්වල රැඳි සිටිය යුතු වන්නේ නම්, අවසන් වරට සම්පූර්ණ වැටුප ගෙවන ලද මාසික වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14, 500ක මුදලින් වාසිදායක මුදල ලබාදීම / එම වැටුප සඳහා සේවා යෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම යන තීරණ ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post