තවත් කොරෝනා ආසාදිතයින් 310 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔවුන්ගෙන් 8 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනා ගත් ආසාදිතයින් වන අතර සෙසු 302 හඳුනාගෙන ඇත්තේ, පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි.
එම පිරිස සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 45,496ක්.
එමෙන්ම මෙරටින් හඳුනා ගැනුණු සමස්ත ආසාදිතයින් ගණන අද 49,000 පසු කළ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 49,259ක් ලෙසයි.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ තවත් 530 දෙනෙකු අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ ගණන 42,621 දක්වා ඉහළ ගියා.
ඒ අනුව රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 6,088 දෙනෙකු පමණයි.