පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම නිසා අද දිනයේ පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා මෙම PCR පරීක්ෂණ සිදු කෙරෙන අතර අනිද්දා දිනයේ ද PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙන හෙයින් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද PCR පරීක්ෂණ සිදුකරගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.