වෙළඳපොළ, මසුන් අලෙවි කරන ස්ථාන ඇතුළු ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ සිදු කිරීමට තීරණයකර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එමෙන්ම බස්නාහිර පළාතෙන් වෙනත් පළාත් වෙත ජනතාව පිටව යන විට මින් පෙර සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ යළිත් පැවැත්වීමට ද තීරණයකර ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
ඒ අනුව අදාළ පරීක්ෂණ ස්ථාන 11කදී ක්‍රියාත්මක වනු ඇති.