News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

මුදල් සහ රත්‍රං සමග දෙදෙනෙක් අත්අඩංගුවට

487 Views


මුදල් සහ රත්‍රං සමග දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටියකට අධික මුදල් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ වැටලීමකදීයි.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, රුපියල් එක් කෝටි විසි හය ලක්ෂ හතලිස් තුන් දහසක මුදලක් ඔවුන් සතුව තිබී සොයා ගත් අතර එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන ලද ඒවා බවට අනාවරණ වී ඇති බවයි.

අදාළ පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙක් ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්දික් නැමැත්තාගේ ගෝලයෙකු බවට තහවුරු වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


News Articles
Latest Videos
Most Popular Post