සිර දඬුවම් හිමි වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීත්‍යානුකූලව අහෝසි වන්නේ තවත් මාස 6කින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව මත රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවට අදාළ අවසන් තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා.
අදාළ තීන්දුව මගින් ප්‍රකාශ කෙරුණේ බරපතල වැඩ සහිතව සිව් වසරක් සඳහා රන්ජන් රාමනායක මහතාව සිරගත කරන ලෙසයි.