කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රදේශ කිහිපයක් දීර්ඝ කාලයක් හුදකලා කර තිබූ අතර මේ වන විට එම ප්‍රදේශ බොහොමයක් හුදකලා බව ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ජනතාව විසින් රජය සහ සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන උපදෙස් වලට අනුව කටයුතු නොකරන්නේ නම් යලි එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවන බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව එම සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරනු පෙනෙන්නට ඇති බවයි.