News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

රන්ජන්ගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය අජිත් මාන්නප්පෙරුමට?

880 Views


රන්ජන්ගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය අජිත් මාන්නප්පෙරුමට?

බරපතල වැඩ සහිතව වසර 4ක් සඳහා සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තවත් මාස 6කින් නිල වශයෙන් අහෝසි වන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළා.

ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන සඳුදා සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ, සිය පක්ෂයේ මන්ත්‍රීන් සහ නීතීඥවරුන් සමග අදාළ කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

එලෙස පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ගම්පහ දිස්ත්‍රික් ඡන්ද මනාප ලැයිස්තුව අනුව ඇත්තේ අජිත් මාන්නප්පෙරුම මහතායි.

කෙසේ වෙතත් තිස්ස අත්තනායක මහතා පැවසුවේ පක්ෂය මගින් තමන්ට මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් දැනුම් දී නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post