News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

පාර්ලිමේන්තුවේ 463 දෙනෙකුට PCR පරීක්ෂණ

503 Views


පාර්ලිමේන්තුවේ 463 දෙනෙකුට PCR පරීක්ෂණ

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 463 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ අද පැවැත්වූ බව පාර්ලිෙම්න්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ, පාර්ලිෙම්න්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොරෝනා වෙෙරසය ආසාදනය වීම හේතුවෙන්.

පසුගියදා පාර්ලිමේන්තුව විෂබීජහරණයට ද ලක් කෙරුණා.

එමෙන්ම වෙෙරසය ආසාදනය වූ මන්ත්‍රීවරයා සහ අමාත්‍යවරයා ඇසුරු කළ ආශ්‍රිත මන්ත්‍රීවරුන් 31 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති අතර ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසට ඔවුන්ට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post