News Line| Off Air
Generic placeholder image

Jan
14

අදත් පස්වරු කාලයේ වැසි

526 Views


අදත් පස්වරු කාලයේ වැසි

අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි වැසි ඇති විය හැකි බවයි.

සෙසු ප්‍රදේශවල සවස 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි වැසි ඇති විය හැකි බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

දකුණු පළාත තුළ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි වනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post