කොරෝනා වෛරස් කාණ්ඩයේ නව ප්‍රභේද දෙකක් මේ වන විට අමෙරිකාවෙන් හදුනාගෙන තිබෙන බව වාර්තා වී තිබෙනවා. ඒ ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයෙන්. මෙම වෛරසයේ නව ප්‍රභේද 02 ක් එම ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකුට අසාදනය වී ඇති බව ඔවුන්ට සිදු කරනු ලැබූ පරීක්ෂණ තුලින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසයේ නව ප්‍රභේද 04 ක් ලෝකයට නිරාවරණය වී තිබෙන බව පර්යේෂකයෝ සදහන් කරනවා. එමෙන්ම කොරෝනා වෛරසයේ මේ ගෙවන දෙවන වසර ලෝකයට ගිය වසරට සාපේක්ෂව ඉතා අවදානමක් පවතින බව ද පැවසෙනවා. ඊට හේතු එම වෛරසයේ හමුවන මෙවැනි නව ප්‍රභේද බව විශ්ලේෂකයින් දක්වයි.