News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

වාහන දඩ ගෙවීමට දුන් සහන කාලය අදින් අවසන්

447 Views


වාහන දඩ ගෙවීමට දුන් සහන කාලය අදින් අවසන්

තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට දී තිබූ සහන කාලය අදින් අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ සහනය ලබා දීමට එම දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කළා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, අදින් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ මුදල් රහිතවත් දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතවත් රථ වාහන දඩ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ගෙවීමට හැකි බවයි.

වරද කළ දින සිට දින 28ක් ඉක්මවා ගොස් ඇති කිසිඳු දඩ පත්‍රිකාවක් තැපැල් සහ උප තැපැල් කාර්යාලවලට ගෙවීමට නොහැකි බවයි තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

කෙසේ වෙතත් පොලිසියේ ඉල්ලීම පරිදි කොළඹ නාගරික රථ වාහන පොලිසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සඳහා වන දඩ මුදල පමණක් පෙර පරිදි ගෙවිය හැකි වනවා.

ඒ අනුව පෙබරවාරි මස 8 වැනිදා දක්වා තැපැල් සහ උප තැපැල් කාර්යාලවල රාජකාරී කාලය තුළ අදාළ දඩ මුදල් ගෙවීමට අවස්ථාව සළසා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post