News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම කරයි

561 Views


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම කරයි

ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම විභාගයට දින නියම කෙරුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී එම පෙත්සම පිළිබඳ විභාගය මාර්තු මස 8, 9 සහ 10 යන දිනවලදී සිදු කරන්නැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව අදාළ පෙත්සම ගොනුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post