News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

වෙෙද්‍ය අනුරුද්ධ පාදෙණිය ස්වයං නිරෝධායනයට

514 Views


වෙෙද්‍ය අනුරුද්ධ පාදෙණිය ස්වයං නිරෝධායනයට

තමන් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඒ මහතාගේ නිවසේ පසුගියදා පැවති හමුවක් සඳහා සහභාගී වූ වෛද්‍යවරයෙකු කොරෝනා වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග පාදෙණිය මහතා එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගැනුණා.

ඒ අනුව ඊයේ සහ පෙරේදා යන දෙදිනම උදෑසන කාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ගොස් තිබුණත් එහි කිසිවෙකු රැඳී සිට නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දැක්වූ අදහස් පහතින් :

“PHI මහත්තයා එන වෙලාවේ මම කොළඹින් පිට තමයි ගිහිල්ලා හිටියේ. අපේ ගෙදර මෙහෙකරුවා මාස 6කින්වත් ගෙදර ගිහින් තිබුණේ නෑ. ඒ පුද්ගලයාව බස් රථයකින් ගෙදර යවපුවාම යම්කිසි විදියකින් රෝගය පැතිරීමට අවදානමක් තිබෙන නිසා මම මගේ වාහනයෙන් රත්නපුරට ගිහින් ඇරලවලා ආවා. ඉතිං ඒ අතරතුර තමයි මේ කියන PHI මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සෙ දැන් මම ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම ගියේ මගෙ වාහනයෙන්මයි. මග රැඳීසිටීමක් සිදුකරලා නෑ. හෙට (15) උදේ මගේ PCR පරීක්ෂණයක් කරනවා කිව්වා. එතෙක් මම ගෙදර ස්වයං නිරෝධායනය වෙලා ඉන්නවා”


News Articles
Latest Videos
Most Popular Post