නිවිතිගල, පාරවත්ත ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී දිනක් පමණ වයසැති බිළිඳෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.
අසල තිබූ රබර් වත්තක රබර් කැපීම සඳහා පැමිණි කාන්තාවක් සුනඛයෙකු සිරුරක් වැනි යමක් රැගෙන යමින් සිටිනු දැක තිබුණා.
එය පරීක්ෂාකර බැලීමේදී සුනඛයා රැගෙන යන්නේ බිළිඳු මළ සිරුරක් බවට අදාළ කාන්තාවට නිරීක්ෂණය වී තිබෙනවා.
බිළිඳාගේ වයස දිනක් පමණ වුව ද එම සිරුර හොඳින් වැඩී තිබූ බවත්, සතුන් කා සිරුර නරක් වී තිබූ බවත් පොලිසිය පැවසුවා.
එමෙන්ම එම සිරුර වෙනත් ප්‍රදේශයක සිට ගෙනැවිත් දමා ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ.