News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
15

නව කොන්දේසිවලට එකඟ නැත්නම් WhatsApp ගිලිහී යයි

831 Views


නව කොන්දේසිවලට එකඟ නැත්නම් WhatsApp ගිලිහී යයි

වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි මස 8 වැනිදා සිට වෙනස් කිරීමට වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතුකර තිබෙනවා.

ඒ අනුව නව කොන්දේසි සමග එකඟ නොවුණ හොත් වට්ස්ඇප් යෙදුම භාවිත කිරීමේ අවස්ථාව ලබන මස සිට ගිලිහී යාමේ අවදානමක් පවතිනවා.

පෙබරවාරි 8 වැනිදා සිට වට්ස්අැප් යෙදුම භාවිත කිරීමට නම් පරිශීලකයින් වට්ස්ඇප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමග එකඟ විය යුතු වනවා.

ඒ සමග එකඟ වීමට අකමැති පරිශීලකයෙක් වේ නම් එම පුද්ගලයාට එළැඹෙන 8 වැනිදා සිට වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කිරීමේ අවස්ථාව ගිලිහී යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post