News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

එංගලන්ත – ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

535 Views


එංගලන්ත – ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 421ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 135ට පිළිතුරු වශයෙනි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 286ක් පළමු ඉනිමේ ඉදිරියේ සිටී.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ජෝ රූට් ලකුණු 228ක් ලබා ගත් අතර එය ඔහුගේ සිව්වෙනි ද්විත්ව ශතකය වීම විශේෂත්වයකි. ඩෑන් ලොවරන්ස් ලකුණු 73ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ගාල්ලේදී පැවැත්වෙන මෙම තරගයේ 3වන දිනය අදයි.


News Articles
Latest Videos
Most Popular Post